අද දින(16) කතානායක වරයාට බාරදීමට කටයුතු කළ ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඇති විශ්වාසභංගයට තම පක්ෂය සහය දෙන්නේ ද නැද්ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම පක්‍ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read more ...
Write comment (0 Comments)

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (15) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී ගිණිඅවියක්ද අත්අඩංගුවට ගෙන ඇත.

M.Z.M රිස්වාන් නැමති මොහු පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාසයේ සංවිධායකවරයාද වේ. පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී වත්තල – මාබෝල නගර සභාවට මාබෝල කොට්ඨාසයෙන් ඉදිරිපත්වූ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා වන්නේද මෙම රිස්වාන් නැමත්තාය.

සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මාබෝල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් සුවිසල් නිවෙසක සහ ඒ අසල පිහිටි තවත් සුඛෝපභෝගී නිවෙසක හිමිකරුවකු බවත් ඔහුගේ බිරියන් දෙදෙනා සහ දරුවන් මෙම නිවාසවල පදිංචිව සිටින බවත් නිවාස දෙකේම ඉහළ මහල්වල පිහිනුම් තටාක තිබෙන බවත් පොලිසිය කියයි.
2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වනවිට නැව් භාණ්ඩ ප්‍රවාහන ආයතනයක (කාගෝ) හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Lanka truth

Write comment (0 Comments)

රටේ මතුව තිබෙන තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින්,ප්‍රජාවක් ලෙස ස්වයං විවේචනයක් කිරීමට මුස්ලිම් ජනතාව සූදානම් බවද අපේ මුතුන්මිත්තන් ගත් කළ බාවිතා කර ඇත්තේ සිංහල නම් බව ද අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

අද(16) කොළඹ පදනම් ආයතනයේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන නායකයින් විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතා පවසන්නේ මද්‍රාසා පාසල් ගැන නියාමනයක් සිදු විය යුතුයි බවත්,රජයෙන් මුහුණු ආවරණ ඉවත් කිරීමට නීතියක් ගෙන ඒමට මත්තෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඒ දේ මුස්ලිම් ප්‍රජාව සිදු කල බවත් මේ වන විටත් කල හැකි දේ ගැන සාකච්ඡා පවත්වමින් සිටින බව ද කියා සිටියේය.

Read more ...
Write comment (0 Comments)

අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්ට එරෙහිව ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (16) පෙරවරුවේ කථානායකවරයා වෙත භාර දෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

Read more ...
Write comment (0 Comments)

අයිඑස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට සැක කරන වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් ඊයේ (15) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read more ...
Write comment (0 Comments)

ආගමික අන්තවාදයෙන් බිහිවන අන්තවාදී ත්‍රස්තවාදය ඇතුළු ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට සියලු රාජ්‍යයන් මිත්‍රශීලීව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිවරයා පවසයි.

Read more ...
Write comment (0 Comments)

පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී සැකපිට පසුගිය දා අත්අඩංගුවට ගත් පුද්ගලයන් නවදෙනකුට නිදහස් කලේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව වැල්ලම්පිටිය පොලිසියට චෝදනා එල්ල විය.ඊට පිළිතුරු ලබා දෙමින් අලුත්කඩේ අංක දෙක උසාවියේ මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිස් විරෝධය නොතකා ඇප ලබා දුන් බව වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාන මහතා හෙළිකර තිබේ.

Read more ...
Write comment (0 Comments)

පසුගිය දවස් දෙක-තුනක කාලය තුළ නැවතත් රට තුළ නොසන්සුන්තාවයක් ඇතිකොට තිබෙන බවත් කුරුණෑගල, හලාවත සහ ගම්පහදී ජාතිවාදී ගැටුම් කිිහිපයක් වාර්තා වන අතර 21දා සිදුවුණු ඉතාමත් හානිකර අන්තවාදී ප‍්‍රහාරයෙන් පසුව එම වේදනාව එසේම තිබියදී එය සමහන් කිරීමට බාධා කරමින් නැවත වටයකින් අවස්ථාවාදී අන්තවාදී පිරිසක් ගැටුම් නිර්මාණය කරමින් සිටින බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

Read more ...
Write comment (0 Comments)