මැගී ක්ෂණික නූඞ්ල්ස්වල ඊයම් ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා බව වාර්තා වීමත් සමඟ ඉන්දීය ප්‍රාන්ත කිහිපයක අදාළ නූඞ්ල්ස් තොග විනාශ කිරීමට ඉන්දීය අධිකරණය නියෝග කර තිබුණි.
මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා පුවත්පත් සාකච්ජාවක් පවත්වමින් ප්‍රකාශ කර ඇත්තේ ලෝකයේ විවිධ රටවල ආහාර වල පැවතිය යුතු ඊයම් ප්‍රතිශතය නිර්දේශ කර ඇති නමුත් මෙරට තවමත් එවැනි නිර්දේශයන් ක්‍රියාත්මක නොවන බවය.
කෙසේ වුවද සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ මාධ්‍ය නිවේදනය පාදක කරගනිමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය සියලූ මාධ්‍යයන් වෙත නිවේදනය කරමින් ප්‍රකාශ කර ඇත්තේ නූඞ්ල්ස් සම්බන්ධ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් නොකරන ලෙසයි.