2014 වසරේදී ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය මත පනවා තිබූ තහනම තවත් වසර පහකින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.
ඇමෙරිකානු ඩොලර් මිලියන 164ක් ලංකාවට මුදා හරින්න IMF අනුමැතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (13) ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය දී ඇතැයි වාර්තා වේ.ඒ අනුව එම ණය වැඩසටහන වසරකින් දීර්ඝ කිරීමට ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකඟ වු අතර ඊයේ දිනයේ රැස්වූ විධායක මණ්ඩලය ලබන වසරේ ජුනි 02 වැනිදා දක්වා එම කාලය දීර්ඝ කිරීමට එකගතාව පල කර තිබේ.
කලහකාරීන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා- යුද්ධ හමුදාපති
ඇතැම් ප්‍රදේශයන්හි ප්‍රචණ්ඩකාරී ක්‍රියා වාර්තාවීමත් සමඟ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්රචණ්ඩත්වය වැළැක්වීම සඳහා සන්නද්ධ හමුදාවන් අවම හෝ උපරිම බලය යෙදවීමට පසුබට නොවන බවත් කලහකාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද අවධාරණය කරයි.
ජාතික තව්හිද් ජමාත් තහනම්යි- ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ජාතික තව්හිද් ජමාත් ඇතුළු අන්තවාදී සංවිධාන තුනක් රජය විසින් තහනම් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ජාතික තව්හිද් ජමාද් (NTJ) සහ ජමාතෙයි මිල්ලතෙ ඊබ්‍රහිම් (JMI) ,විලායත් අස් සෙයිලානි,යන සංවිධාන මෙරට තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඉක්මනින් පැල කළ හැකි ජාතිවාදය සමඟ හැටුම් පිටුපස දේශපාලන අත්
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ ව්‍යාපත වූ මුස්ලිම් විරෝධය සමඟ දැන් මැතිවරණ ඉලක්ක ගත දේශපාලන න්‍යාය පත්‍රයන්ද පැටලී ඇති බව ආරක්ෂක අංශ සහ ගැටුම් පවතින ප්‍රදේශ වල ජනතාව පවසති.මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (13) පස්වරුවේ සිදු වූ ගැටුම් පිටුපස පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා සිටින බවට එම ප්‍රදේශයේ ජනතාව පවසා තිබේ.එම ගැටුම්කාරී අවස්ථාවේ ඔහු මිනුවන්ගොඩ නගරයේ රැඳී සිටින වීඩියෝ ද සමාජ මාධ්‍ය ජාලා තුළ පැතිරෙමින් පවතියි.
රට අස්ථාවර කරමින් ,නීතිය කඩ කරන්නන්ට වෙඩි තැබීමට බලය දෙයි!
පසුගිය පාස්කු ප්‍රහාරයෙන් එළියට ආ අයි.එස්. ලෝක ත්‍රස්තවාදය හා බැඳුනු රටේ ක්‍රියාත්මක වූ ඉතා සුළුතරයක් වූ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක ත්‍රස්තවාදය මේ වන විට මුළුමනින්ම හඳුනාගෙන පරාජය කර ඇති නමුත් මේ මොහොතේ සිය පෞද්ගලික වාසි තකා හඳුනාගත් දේශපාලකයන් කිහිප දෙනෙකු විසින් රට 83 ජූලි ඛේදවාචකය වැනි වාර්ගික ගිනි ඇවිලවීමක් කරා යොමු කරමින් තිබෙන බව ආරක්ෂක අංශ ප්‍රධානීන් අද (13) පස්වරුවේදී අගමැතිවරයාට දැනුම් දී ඇත.
මුළු දිවයිනටම පොලිස් ඇඳිරිනීතිය පනවයි
වයඹ පළාත සහ ගම්පහ පොලිස් කොට්ඨාසය හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 ට පැනවූ පොලිස් ඇඳිරිනීතිය හෙට පෙරවරු 4.00 තෙක් ක්‍රියාත්මක බව රජය නිවේදනය කරයි.
කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය, හෙට්ටිපොලට පොලිස් ඇඳිරි නීතිය පනවයි
කුලියාපිටිය, හෙට්ටිපොළ , බිංගිරිය, දුම්මලසූරිය, රස්නායකපුර, කොබෙයිගනේ යන පොලිස් බල ප්‍රදේශ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව වාර්තා වෙයි.
කුඩාඔය,කොමාන්ඩෝ පුහුණු පාසල අසල ඉඩමක අවි තොගයක්
අද (13)පෙරවරුවේ වැල්ලවාය කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසලට යන මාර්ගයේ මුස්ලිම් ජාතිකයකුට අයත් ඉඩමක තිබී විශාල අවි ආයුධ තොගයක් සොයා ගෙන ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.