ජනතාව දැන ගත යුතු දේ දැනගත යුතු වුවත් තහවුරු වූ තොරතුරු කෙරෙහි විශ්වාසය තබා ගැනීම පමණක් ප්‍රමාණවත් බවත් "සොට් ගන් තුනකට ලංකාවම පාසල් යන්නේ නැත්නම්,කඩු පන්සීයකට ලංකාවම පාසල් යන්නේ නැත්නම් මම හමුදාපති හැටියට කල්පනා කරනවා මේ රටේ මොනවද තියෙන්නේ කියලා.මීට වඩා පාතාලයේ ආයුධ තියෙනවා" යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කරයි.

අප්‍රේල් 21 දින එල්ල වූත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය නාළිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡවකට එක්වෙමින් යුද්ධ හමුදාපතිවරයා මේ බව පැවසී ය.

එහිදී අඳහස් දැක්වූ යුද්ධ හමුදාපති;

බුද්ධි අංශ දුර්වලයි කියනවාට වඩා,පසු බෑමකට ලක් වුණා කියා කියන්නට පුළුවන්.එය බලහත්කාරයෙන් දුර්වල කිරීමක් නොවෙයි.මේ කණ්ඩායම් පිළිබඳව අපේ බුද්ධි අංශ සොයා බැලුවා.එම කණ්ඩායම් ලබාදෙන තොරතුරු අනුව දැන් කටයුතු සිදුවන්නේ.

මේ වනවිට අන්තවාදීන්ගෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ගත්තේ අපේ ක්‍රියාන්විතයක් සිදුවන නිසයි.අන්තවාදී අඳහස් දරන අයගෙත් කොටස් ඉන්නවා. මරාගෙන මැරෙන,මරාගෙන මැරීම සඳහා දිවුරුම් දුන්න.දිවුරුම් දීලා පැනගිය,සහ වටපිටාවේ කටයුතු කරමින් සිටින අය වශයෙන් කණ්ඩායම් ගොඩක් ඉන්නවා.

ඒ පිළිබඳව පරීක්ෂණ පැහැදිළිව සිදු වෙනවා.ජනතාව කලබල වී තිබෙන්නේ කතාවේ දෙවැනි කොටස දැක නැති නිසයි.යුද්ධ හමුදාවෙන් අත් අඩංගුවට පත් අය නිදහස් වීමක් සිදු කර නෑ.අප කටයුතු කරන්නේ පොලීසිය සමඟ නොවේ, ත්‍රස්ත විමර්ශන ඒකකය සමඟයි.එය පොලීසියේ කොටසක්.යුද්ධ හමුදාවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සමඟ පැහැදිළි අවබෝධයක් තිබෙනවා.

නිල ඇදුම් ඇදගත් අයට මෙය රඟ පෑමේ අවස්ථාවක් කරගන්නට බෑ

මම මැතැනදි නිවැරැදි කිරීමක් කරන්නට ඕන.රජය කියන වචනයෙන් බැහැර වන්න කියලා මම කියනවා.මෙතැනදි අවශ්‍ය කරන්නේ,රඟ පෑම නොවෙයි.මාධ්‍ය වාරණයක් නොවේ.ජනතාව දැනගත යුතු දේවල් තිබෙනවා. ඒ නිදහස මේ රටේ තිබිය යුතුයි.නමුත් නිල ඇදුම් ඇදගත් අයට මෙය රඟ පෑමේ අවස්ථාවක් කරගන්නට බෑ. මම උදාහරණයක් කියන්නම්, දින තුනකට පෙර මාධ්‍ය පෙන්වනවා, පාරේ වැටිල තියෙන බෝර 12 තුවක්කුවක පතුරමක්.එය පෙන්වන කාලය හරියට ආර්.පී.ජී.දහයක් හම්බ වුණා වගේ.ඊ ළඟට බෝර 12 නොවෙයි 16 හෝ 12 කොටන තුවක්කු අත් අඩංගුවට ගත්තම් මේ වැටලුම් වලදී ඒවා මේසයක් උඩ තියාගෙන පෙන්වන පෙන්නිල්ලට ආරක්ෂාවට වාසියක් නම් නෑ.

ඒ වගේ දෙවල් නොවෙයි අපේ රට දැකල තිබෙන්නේ.කඩු කිනිසිත් එසේමයි. මම එතැන දකින්නේ ජනතාව දැනගත යුතුයි යුද්ධ හමුදාව සහ පොලීසිය මේ ක්‍රියාන්විතයේ යෙදෙන බව ලබාගන්නා දේ පෙන්වන ආකාරයේ තත්ත්වයක් තිබෙන්නේ.අල්ලා ගත්ත එක පෙන්වා එකයි,එය තප්පර ගානයි,මෙහි රඟපෑමක් කරන්නට 10ක් 15ක් වටකරගෙන සොට් ගන් එකක් පෙන්නගෙන මේ රඟ පෑමෙන් මේ ප්‍රශ්නය.හිතනවා ඇති එල්.ටී.ටී. එකට මොනවද තිබ්බේ කියලා.සොට් ගන් තුනකට ලංකාවම පාසල් යන්නේ නැත්නම්,කඩු පන්සීයකට ලංකාවම පාසල් යන්නේ නැත්නම් මම හමුදාපති හැටියට කල්පනා කරනවා මේ රටේ මොනවද තියෙන්නේ කියලා.මීට වඩා පාතාලයේ තියෙනවා.

මෙහෙයුම්වල දී සොයාගත් දෑපෙන්වීමෙන් ජනතාවට තිබෙන සැකකය යම් තරමකට දුවන්නේ නැති දැයි මාධ්‍යවේදී විමසා සිටි අතර එයට පිළිතුරු දුන් හමුදාපතිවරයා මෙසේ ද පැවසීය.

සැකයට වඩා භීෂණයක් ඇතිවන බවයි මා දන්නේ.ඊට වඩා තහවුරු වූ තොරතුරු සමඟ බලධාරීන් කතා කරනවා නම් ඔවුන් කෙරෙහි විශ්වාසය තබා ගැනීම පමණක් ප්‍රමාණවත් කියලයි මා දකින්නේ.එසේ නොමැතිව නාට්‍ය මාලාවක් බලනවා වගේ පැයෙන් පැයට මාරු කර කර එකම දෙය බලන එක නොවෙයි මම දකින්නේ . මෙතැන තිබෙන්නේ විශ්වාසයයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍යවෙත නිකුත් කරන තැන් පිළිබඳව ජනතාවට විශ්වාසයක් තිබිය යුතුයි.මොකක්ද පෙන්විය යුත්තේ කියලා තීරණය කළ යුතුයි.මේ අවස්ථාවේ වැඩපිළිවෙලක් සිදු වෙමින් පවතිනවා. ජනතාව දැන ගත යුතු දේ දැනගත යුතුයි.

තහවුරු නොවූ තොරතුරු ඔවුන් එය ටයිප් කර අනෙක් අයට බෙදා හරිනවා. වරදක් පැහැදිළිව සිදුව තිබෙනවා. සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීම බරපතල වරදක්. තහවුරු වූ පුවත් ගැන මා වගකියනවා. ලිපි සමාජ මාධ්‍ය වෙත යොමු කළ අය ගැන විමර්ශන කෙරෙනවා යැයි ද හමුදා ප්‍රකාශකවරයා පැවසී ය.

Write comment (0 Comments)
Write comment (0 Comments)

රටේ ජාතිවාදය, ත්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධූරයෙන් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉවත් කරන ලෙස ඉල්ලා අද (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට නගර කිහිපයක හර්තාලයක් ආරම්භ කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

පාස්කු ඉරිදා ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකින අතර එම ත්‍රස්තවාදීන්ට එරෙහිව මුළු මහත් මුස්ලිම් සමාජයම නැගී සිටින බව මුස්ලිම් ආගමික නායකයින්, මුස්ලිම් දේශපාලනඥයින් සහ මුස්ලිම් සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් කොළඹදී ඊයේ (09) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ.

Read more ...
Write comment (0 Comments)

ඩකළපුව ශරියා විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න නියෝග කොට තිබෙන බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මන්ත්‍රී හේෂා විතාන මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමින් අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read more ...
Write comment (0 Comments)

දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වූ ඩැනී හිත්තැටිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සුනිල් ප්‍රේමරත්න හෙවත් “ඇට ඉන්දික“ අත්අඩංගුවට ගෙන තිබේ.

Read more ...
Write comment (0 Comments)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන ශාලාවට පැමිණ එම සම්මේලනයේ රදගුරුවරුන් හමුවී තිබේ.



එහි අද කතෝලික රදගුරු සම්මේලනය විසින් මාධය හමුවක් පැවැත්වීමට සූදානම් කර තිබූ අතර එයට පෙර ජනාධිපතිවරයා එහි ගොස් ඔවුන් සමඟ සාකච්ඡාවක් පවත්වමින් සිටියි.

ජනාධිපතිවරයා මේ සාකච්ඡාවට එක්ව ඇත්තේ සිය පුතුගේ විවාහ මංගල්‍ය ද පැවැත්වෙන අතරතුර දීය.

Write comment (0 Comments)

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ අමෙරිකානු නිලධාරිනියක් මියගොස් තිබේ.

අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ශ්‍රී ලංකාවේ රාජකාරිවල නිරත වූ චෙල්සියා ඩිකමිනාඩා නමැති නිලධාරිනිය ෂැංග්‍රී-ලා හෝටලයේ සිදු වූ පිපිරිමෙන් තුවාල ලබා සිටියේය.

Read more ...
Write comment (0 Comments)

ආමිෂ පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාවල නිරත වෙමින් මෙවර වෙසක් උත්සවය සමරන ලෙස බුද්ධ ශාසන අමාත්‍යංශය දෙන ලද උපදෙස් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව සතුටු විය යුතු බව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේය.

Read more ...
Write comment (0 Comments)