ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අයත් ඔවුන් විසින් ත්‍රස්ත කටයුතු පුහුණුව සඳහා යොදාගත් බවට සැකකෙරෙන අක්කර 15ක පමණ ඉඩමක් මඩකලපුව කාත්තන්කුඩි ඔල්ලික්කුලම් ප්‍රදේශයෙන් සොයා ගෙන තිබූ අතර එහි රැඳී සිටි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

Read more ...
Write comment (0 Comments)

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ අතරින් මීගමුව කටුවපිටිය පල්ලියේදී බෝම්බය පුපුරුවාගත් වාලච්චේන පදිංචිකරුවකු වූ අච්චි මොහොම්මදු හස්තුන් නැමැත්තා ජාතික තවුහිද් ජමාත් (NTJ) සංවිධානයේ ප්‍රධාන බෝම්බ විශේෂඥයා බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබේ.

Read more ...
Write comment (0 Comments)

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙසින් පොලිසිය විසින් හඳුන්වනු ලබන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් අද (05)කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

Read more ...
Write comment (0 Comments)

ඩුබායි පොලිස් අත් අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ඩුබායි අධිකරණය විසින් අද (02) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Read more ...
Write comment (0 Comments)

සිය ඇතැම් සාමාජිකයන් සතුව මේ වන විට පවා ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තොරතුරු පවතින බැවින් රටේ ආරක්ෂාව සඳහා ඒ තොරතුරු බෙදාගැනීමට සූදානම් බව පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයෝ පවසති.

Read more ...
Write comment (0 Comments)

පාස්කු දින ප‍්‍රහාර 8 ක් එල්ල කළ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් විශාල ප්‍රමාණයක් ඇති බැවින් එම වත්කම් තහනම් කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද( 01)දින පැවසීය.

Read more ...
Write comment (0 Comments)

1886 වසරේ ඇමරිකාවේ චිකාගෝ නගරයට රැස්වූ දහස් සංඛ්‍යාත කම්කරුවන් පැය 8ක වැඩ මුරයක් ඉල්ලා සිදුකළ සටන සංඛේතවත් කරමින් මැයි මස පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සමරයි.

Read more ...
Write comment (0 Comments)

මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කෙරෙන රූපවාහිනී නාලිකාවක් වන ‘පීස් ටීවී‘ නම් කේබල් රූපවාහිනි නාළිකාවෙ විකශය නතර කිරීමට එම නාලිකාව විකාශය කළ ඩයලොග් සහ ටෙලිකොම් ආයතන පියවර ගෙන තිබේ. මේ ඒ අනුව ඊයේ(30) සිට බලපැවැත්වෙන පරිදි එම කේබල් නාලිකාව විකාශය නතර කිරීමට එම ආයතන දෙක පියවර ගෙන ඇත.

Read more ...
Write comment (0 Comments)

මේ වනවිට ලෝකයම කම්පනය කළ ම්ලේච්ච ත්‍රස්තවාදී කණ්ඩායම එනම් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූ ඉස්ලාමීය ත්‍රස්තවාදය හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ ගේ කාලයේ දී පෝෂණය වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

Read more ...
Write comment (0 Comments)