වට්ස් ඇප්, ෆේස්බුක්, වයිබර් ආදී සමාජ මාධ්‍ය වෙත පිවිසීමට කර තිබූ තහනම වහාම ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී ඇති අතර මේ වන විට එම තහනම ඉවත් කර ඇත.

Read more ...
Write comment (0 Comments)

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබෙන අතර සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ඇමති ලෙස පත් කරන්නේ නම් ඒ වෙනුවෙන් තමන්ගේ අමාත්‍යධුරය අත්හැරීමට සූදානම් බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා බැවින් ඔහුට රජයෙන් බැහැරවී රජය විවේචනය කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

පසුගිය පාස්කු ඉරිදා රටේ ඇතිවූ පිපිරීම් මාලවත් සමග මේ වනවිට රට තුළ අනාරක්ෂිත තත්වයක් උද්ගතව ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙයට වගකිවයුතු නමුත් මෙම තත්වය වලක්වා ගැනීමට තම තමන්ගේ ඇති නොහැකියාව වසා ගැනීම සඳහා එකිනෙකාට චෝදනා එල්ලකරගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

Read more ...
Write comment (0 Comments)

ත්‍රස්තවාදීන් හා ගැටුමක දී හමුදා සාමාජිකයින් 11 දෙනෙකු මියගොස් ඇතැයි අසත්‍ය ප්‍රකාශයක් කරමින් ජනතාව කුපිත කිරීමට උත්සහ දැරූ පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අත්අඩංගුවට නොගැනීම රටේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මකවීමේ ස්වභාවය සම්බන්ධව බරපතල සැකසංකා මතුකරන්නක් බව දේශපාලන විචාරකයන් සඳහන් කරයි.

Read more ...
Write comment (0 Comments)

අද (29) පෙරවරුවේ කුරුණෑගල තෙලියාගොන්න ප්‍රදේශයේදි සිදුකළ පරීක්ෂාවකදි ලියාපදිංචි නොකළ වෑන් රථ හතරක් සහ විදෙස් ගමන් බලපත්‍ර 32 ක්ද සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.‍

Read more ...
Write comment (0 Comments)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබ තිබේ.
වැඩ බලන පොලිස්පතිවරයා අද උදෑසන ජනාධිපතිවරයා අතින් ඊට අදාළ පත්වීම් ලිපිය ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.

Read more ...
Write comment (0 Comments)

පසුගියදා ක්‍රියාත්මක කළ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය (SLTC) පවසයි.

Read more ...
Write comment (0 Comments)

ඉකුත් සිකුරාදා (26) සයින්දරමර්දු ප්‍රදේශයේදී ආරක්ෂක අංශ සමඟ ඇති වූ වෙඩි හුවමාරුව අතරවාරයේදී බෝම්බ පුපුරුවාගෙන මියගිය 16 දෙනා අතර පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමේ මහ මොළකරු සහ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක සහ්රාන් හෂීම්ගේ සහෝදරයන් දෙදෙනා සහ පියා ද සිටින බව රොයිටර්ස් පුවත් සේවය ඊයේ (28) වාර්තා කළේය.

Read more ...
Write comment (0 Comments)