පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය සහ ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්රමුඛ රජය සමඟ විපකෂනායක මහින්ද රාජපක්ෂ ප්රමුඛ කණ්ඩයම සමඟ පැවැත්වූ සාකච්ඡාව සාර්ථක වූ බව දෙපාර්ශවය විසින්ම විවිධ මන්ත්‍රී වරුන් හරහා ප්‍රකාශ කෙරිණි.
අසාත් සාලි , හිස්බුල්ලා ඉල්ලා අස්වේ
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සිය තනතුරු වලින් ඉල්ලා අස්විමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.
ඥානසාර හිමිට අනිවාර්ය සිර දඬුවමක් දෙන්නැයි ඉල්ලයි
අතුරුදන්කර සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳට බැන වැදීමේ චෝදනාවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහාධිකරණයෙන් පනවා ඇති අත්හිටුවීමේ සිර දඬුවම අනිවාර්ය සිර දඬුවමක් බවට පරිවර්තනය කරන්නැයි ඉල්ලයි.
තේරීම් කාරක සභාවේ සජීවී විකාශය ජනපති අනින් අත්හිටුවයි
පාස්කු ඉරිදා ත්රස්තප්රහාරය සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සජීවීව විකාශය කිරීමට විරෝධය දක්වා ඇති ජනාධිපතිවරයා විසින් ඒකමතිකව එම සජීව විකාශය නවතා දමා තිබේ.
සහරාන් ගේ ගෝලයන් 63 අල්ලයි
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කල ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමඟ ඍජු සබඳතා පැවත්වූ පුද්ගලයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය පවසයි.
කැලණි සරසවිය දින නියමයක් නැතිව වසාදමයි
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ දින නියමයකින් තොරව වසා දැමීමට එහි පාලන අධිකාරිය අද (30) තීරණය කර තිබේ.
මෛත්‍රීපාල ජනාධිපති කරවීමේ සහ රනිල් යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා
2015 ජනවාරි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත් කිරීමට දායක වීමේ වරදටත් රනිල් වික්‍රමසිංහ නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය ඊයේ (29) පැවසීය.
පූජිත්ගෙන් ජනපතිට එරෙහිව අතුරු නියෝගයක් ඉල්ලයි
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් තමන්ව පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම වළකාලමින් ජනාධිපතිවරයාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අද ( 29) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මුදල් අමාත්‍යාංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ අත්අඩංගුවට , නිවසේ තිබුනේ වසර 40 පරණ උණ්ඩ-ඥාතීන්
මුදල් අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ මොහොමඩ් අලී හසන් අද උදෑසන 9.00 ට පමණ මල්වාන සිය නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ මල්වාන ප්‍රදේශයේ ඔහුගේ නිවසේ තිබි බොර 12 වර්ගයේ උණ්ඩ 93ක් සොයා ගත් බවයි.