“මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක සටහන්)
දේශපාලන
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක්
ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණයෙන් ඇප ලැබිණි. එහෙත් හොරු සුරැකීම සඳහා මහජනයාගෙන් අරමුදල් එකතු කරවූ රටේ අභ්‍යන්තර ආරවුල ගැන කතා නොකර සිටිය නොහැකිය. ලංකාවේ භික්ෂූන් වහන්සේලා අද පිණ්ඩපාතය වඩින්නේ හොරු රැක ගැනීම සඳහා අරමුදල් රැස් කිරීමටය. මඟ දිගට එම භික්ෂූන් වහන්සේලාගේ පාත්තරවලට මුදල් වැටෙන විට සැබෑ බෞද්ධ ප්‍රතිපත්ති සමඟ දවසරින පුරවැසියන් තුළ ඇති වූ ජුගුප්සාව කියා නිම කළ නොහැකිය. ඉන් නොනැවතී භික්ෂූන් වහන්සේලා විසින් පාත්තරවලට එකතු කරනු ලැබූ මුදල් මේස හෝ පැදුරු මත හලනු දකින විට සැබෑ බෞද්ධයකුට දැනෙන කම්පනය සුළුපටු විය නොහැකිය.
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද?
ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්තර්ජාතික වෙළෙඳාම සහ සේවා ආර්ථිකයට රටක් වැඩි නැඹුරුවක් දක්වන යුගයක් එළඹෙන විට කෘෂිකර්මය පැරණි අර්ථයෙන්ම පැවැතිය නොහැකිය. ලංකාවේ කෘෂිකර්මාන්තය එවැනි විපරිවර්තනයකට ලක් වූ අතර දැන් තිබෙන ලංකාව මුළුමනින් කෘෂිකාර්මික රටක් යැයි කිව නොහැකිය. මෙරට කෘෂිකර්මාන්තය අර්ධ වශයෙන් කැරෙයි. සෑම වර්ගයේ ගොවියකුම කියන්නේ කෘෂිකර්මයෙන් තවදුරටත් ජීවත් විය නොහැකි බවය; පාඩු ලබන බවය. එසේ නම් කෘෂිකර්මාන්තයෙහි නියැළෙන්නේ මන්ද යන ප්රශ්නය විමසූ විට කොහොම වුවත් රෝල ගහන්නේ මේකෙන් යැයි ඔවුහු කියති. මැරෙනතුරු රෝල ගසන්නට නම් කෘෂිකර්මාන්තය වුවමනා නැත.
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය
ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සියල්ල වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන බව පෙනෙයි. ඇතැම්හු පුදුමාකාර ලෙස ජාතියට ආදරය කරන බව කියති. දේශාභීමානී ගී ගයති. පපුවට ගසා ගනිති. දෙමළුන්, මුස්ලිමුන් පළවා හැරිය යුතු බව කියති. රණවිරුවන්ට අත තියන්නට නොදෙන බව කියති. මෙසේ අන් සියල්ල කිරීම නරක දෙයක් නොවේ. එහෙත් ඔවුන් ඒ සියල්ලට පෙර පාලකයාගේ භූමිකාව ඉෂ්ට කර තිබීම වැදගත්ය. නළුවෝ රඟ නොපාති, එහෙත් අන් සියල්ල කරති නම්, රංග කලාව පරිහානියට පත්වනවා සේම පාලකයෝ පාලනයෙහි නිරත නොවී රටට ජාතියට ආදරය කරන බවට පුරසාරම් දොඩමින් සිටියහොත් සිදුවිය හැක්කේ කුමක්ද?
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය
ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම රටේ ජනාධිපතිවරයා ද වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද වයස 66 කි. ශ්රීලනිපය ආරම්භ වුණු 1951 සැප්තැම්බර් 02 දා රාත්‍රියේ එහි වත්මන් සභාපතිවරයාගේ උපත සිදු වී තිබීම එක් ආකාරයකින් අසිරිමත් සිදුවීමකි. සමහර අසිරිමත් දේවල් සිදුවන්නේ අහම්බෙනි. එහෙත් යම් කිසිවකු ධෛර්යසම්පන්නව වැඩ කිරීමෙන් අහම්බෙන් සිදු වන අසිරිමත් දේවල් ලෝකයේ සදා නොමියෙන විශිෂ්ටතම ක්‍රියාකාරකම් බවට පත් කළ හැකිය. වත්මන් ජනපතිට තමා උපන් දා බිහි වූ පක්ෂයේ නායකත්වය පමණක් නොව රටේ නායකත්වය ද හිමිවීමෙන් දැන් එම දුර්ලභ අවස්ථාව හිමි වී ඇත. ඔහු කළ යුතුව ඇත්තේ එක් දෙයකි. එය නම් අයුක්තිය ඉදිරියේ අනම්‍ය දේශපාලනඥයකු ලෙසත් ප්‍රතිපත්තිමය කාරණා ඉදිරියේ නම්‍යශීලී දේශපාලනඥයකු ලෙසත් දුරදකින සමාජ දේශපාලන වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියාකාරී වීම පමණි. පක්ෂයට සහ තමාට හැට හය පිරෙන්නට ආසන්නව තිබියදී ඔහු කීවේ ජාතියේ අනාගතය සඳහා පිරිසිදු ජාතික දේශපාලන ව්‍යාපාරයක් බිහි කළ යුතු බවයි.
දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක්
හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය සංවිධානය කළ සත්‍යග්‍රහය අගෝස්තු 15 දා විහාරමහා දේවි උද්‍යානයේ දී පැවැත් වුණි. පුරවැසි බලය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ප්රමුඛව සිවිල් සංවිධාන නියෝජිතයෝ ආණ්ඩුව පොරොන්දු වූ ජනතා න්‍යාය පත්‍රය නොපිරිහෙළා සම්පූර්ණ කරන ලෙස එහිදී ආණ්ඩුවට බල කළහ. ආණ්ඩු වැඩ කරන්නේ බලයට පත් වීමට උදව් කළ සංවිධාන කියන පරිදි නොවේ. සිවිල් සංවිධාන කියන දේවලින් යම් තරමකට දේවල් ආණ්ඩු ඉටු කරනු ඇත. ආණ්ඩු සියලු පොරොන්දු ඉටු කරනවා නම් නැවත නැවතත් ආණ්ඩුවට බල කර සත්යග්රහ කරන්නට, උද්ඝෝෂණ කරන්නට හෝ පොරොන්දු කැඩීම ගැන ලිපි ලියන්නට වුවමනා නැත.
හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට
මේ ආණ්ඩුව තුප්පහි ආණ්ඩුවක් බව බැසිල් රාජපක්ෂ පොළොන්නරුවේ දී කියා තිබුණි. එය ඇත්තක් වන්නේ බැසිල් රාජපක්ෂ වැනි කුප්‍රකට පුද්ගලයකු පළමු පැයේදීම හිර කර නොදැමීම නිසාය. බැසිල් ඉකුත් ජනාධිපතිවරණය අවසන් වූ ගමන්ම පිටරට පැන්නේ තමාට එල්ල වී තිබෙන චෝදනාවලට මෛත්‍රී පාලනයෙන් සමාවක් නොලැබෙන නියාව දුටු නිසාය. එහෙත් ඉතාම කෙටි කලක් තුළ ආණ්ඩුව එසේ පැරණි තක්කඩි නායකයන් සිර කිරීමට මන්දෝත්සාහී බව පසක් කරගත් බැසිල් වහා ලංකාවට ආවේය. ඔහු එෆ්සීඅයිඩී ගොස් එන අවස්ථාවක මයික් එක ඇල්ලූ පුද්ගලික රූපවාහිනී ආයතනයක නියෝජිතයකුට කීවේ
ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද?
හිටපු මුදල් ඇමැති බදු ගත් සුපිරි නිවසකට මුදල් ගෙව්වේ පර්පෙචුවල් ටේරෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් බව මොනාක් රෙසිඩන්සීස් නිවාස ඒකකයේ හිටපු හිමිකාරිය ජුලි 24 දා බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් කියා තිබිණ. මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර ගනුදෙනුව බරපතළ වංචාවකට පාර කපා තිබෙන බව පැහැදිලි වෙමින් තිබේ. එය වත්මන් ආණ්ඩුවේ මූල්‍ය විනය මෙන්ම මූල්‍ය විනිවිදභාවය ප්‍රශ්න කෙරුණු සිද්ධියකි. කෝප් කමිටුවේ විමර්ශනය මඟින් බැඳුම්කර ගනුදෙනුවේදී වංචාකාරී ක්‍රියාවක් සිදු වී ඇති බව නිශ්චිතවම ප්‍රකාශ කෙරිණි. ජනපතිවරයා බැඳුම්කර පරීක්ෂණයට පෙර ඉතා නිවැරැදිම තීන්දුවක් ගෙන හිටපු මහ බැංකු අධිපතිවරයා තනතුරෙන් ඉවත් කර නව අධිපතිවරයකු පත්කිරීමට කටයුතු කළේය.
ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද?
ජූලියේ අවසන් සතිය යනු ලංකා ඉතිහාසය අඳුරු ලෝකයකට විවර වු කාලවකවානුවකි. කළු ජූලිය නම් වූ ඒ උපමා විරහිත ඛේදවාචකයට මෙම ජූලි අවසානයට වසර 34ක් සපිරෙයි.