පසුගිය මාර්තු මාසයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය පැහැදිලිව පෙන්වා දෙනු ලැබීය.
දේශපාලන
මෛත්‍රීගෙන් කොළ එළියක් ඉල්ලන අන්දමන්ද විපක්ෂය
මෙවර මැයි දිනය වත්මන් දේශපාලනයේ තීරණාත්මක කඩඉමක් වනු ඇති බව අපි ද මීට සති කිහිපයකට පෙර ද ලියා තැබුවෙමු. ඒ ශ්‍රීලනිපයේ දෙකඩ වීමක් මෙවර මැයි දිනයෙන් විය හැකි බවට පුර්ව කොන්දේසි ඒ වන විටත් සපුරා තිබූ බැවිනි.
රාජිතට තියෙන කොන්ද ආණ්ඩුවට නැද්ද?
ජාත්‍යන්තර කම්කරු දිනය කම්කරුවාගේ දිනය නොවී මෛත්රීපාලගේ හා බැසිල්ගේ ශක්තිය උරගා බලන සටනක් බවට ජනමාධ්‍ය විසින් පත් කරගෙන තිබීම රටේ ජනතාවට විනෝදය සපයන මාතෘකාවක්ව තිබේ.
ණයත් නෑ බයත් නෑ අපිට ඒ දෙකම නෑ...
අපේ‍්‍රල් 01 දා මෙරට සමහරු හඳුන්වන්නේ ” මෝඩයාගේ දවස” නමින්ය. ඒ උදවිය මේ දිනය සමරන්නේ හිතවතෙකුව ”මෝඩයාට” අන්දවමින්ය. ඉතින් එදිනට ඇත්තක් කීව ද ඇතැමුන් ”ඔය ඇත්ත නේද? මෝඩයා කරන්න කියනවා නෙවෙයිනේ?” කියා අසන්නේ කාලයක් පුරා සංස්කෘතිය තුළ මේ අත්දැකීම ලබා ඇති නිසාය.
බළල් ජාතකේ සහ ජාතික ප්රශ්නය
සවස හතරට විවෘතව තිබෙන ජනේලයෙන් කුස්සියට පනින බළලා ළිප් බොක්කේ සැඟව සිටී මීයකු දැක ඌ ගොදුරු කර ගනී. බළලා එම ගොදුර ගිල දැමීමට වෙනතකට රැුගෙනයාම ද කරයි.
දේශපාලන කුණාටුවක් අත ළඟ
දිවුල් ගහේ පලදාව ඕනවට වඩා වැඩි වීම දිවුල් ගහ ගැන නොදන්නාවුන්ට ප්‍රීතියට කරුණකි. නමුත් ගහ දන්නා අයට නම් ඒ මහා විනාශයක පෙරනිමිත්තකි. දේශපාලනයේ දී ද මල් වෙඩි සංදර්ශනවලින් එහා ඇති අඳුර නොදුටුවහොත් විනාශය තමන් කරා එනතුරු නොදන්නේය.
ප්රජාතන්ත්රවාදී බෝම්බ වෙනුවට රෝස මල්
පසුගිය රාජපක්ෂ සමයේ දී මත්කුඩු කන්ටේනර් ගණනින් හමුවිය. විපක්ෂය යෝජනා කළේ රාජපක්ෂලාගේ අනුහසින් කුඩු ජාවාරම් කරන බවත් ලංකාව ආසියාවේ කුඩු කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින් තිබෙන බවත්ය. එහෙත් රාජපක්ෂලා පැවසුවේ අපි කුඩු අල්ලන නිසා ඒවා වැඩි වැඩියෙන් හසුවන බවය.
ජනවාරි 08 ට පෙර දවස් අමතක වීම
අප පසුගිය සතියේ දී ද මේ තීරුවෙන් පැහැදිලිවම කියා සිටියේ මහින්ද රාජපක්ෂ නමැති දේශපාලන පිළිලය ශ්‍රීලනිපයෙන් ගලවා දැමිය යුතු බවය. ඒ රටේ සමස්ත පුරවැසියා වෙනුවෙන් බව ද අපි කීවෙමු.
මන්ත්‍රී දීමනා වැඩි කළ යුතුය එහෙත් ඒ සිංගප්පූරු ක්‍රමයට ය
ලංකාව සිංගප්පූරුව වගේ කරන්න කතා කළේ දැනට දශක ගණනාවකට පෙරය. ඊටත් පෙර සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ කීවේ සිංගප්පූරුව ලංකාව වගේ කළ යුතු බවය. යූ මහතා එහෙම කීවාට සිංගප්පූරුව ලංකාව වගේ කළේ නැත. බංකොළොත්භාවය කරා යන ආර්ථිකයක් සහිත රාජ්‍යයක් යූ මහතාට අවශ්‍ය වූයේ නැත.